Monday, May 25, 2015

තාම තරුණයි රාත්‍රිය මනරම්



තාම තරුණයි රාත්‍රිය මනරම්
ළඟාවනු මැන සරා සඳ සමගින්
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්

ලොවම සැතපෙයි අඳුර මධුරයි
සිහින වෙරළට පාව එන් රහසින්
ලොවම අඳුරුයි අඳුර රුදුරුයි
සිහින වෙරළේ අගාධය ගැඹුරුයි

තාම තරුණයි රාත්‍රිය මනරම්
රැය ගෙවී යයි තව නිමේෂයකින්

කුමුදු හිනැහෙයි පවන සිසිලයි
ළපලු පලසට පා නගන් විගසින්
කුමුදු පරවෙයි පවන රළුවෙයි
ළපලු යහනේ විරාමය කඳුළයි

තාම තරුණයි රාත්‍රිය මනරම්
ළඟා වනු මැන සරා සඳ සමගින්
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ රොහාන් ශාන්ත බුලේගොඩ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: