Monday, July 4, 2016

සඳ කොමලී තරු පිරිවරලා

සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්‍රී ...//

සුදු කෞමද මල් පිබිදෙන්නා
සොමි කාන්ති රශ්මී වැදීලා ...//

සිත පිරියා කරවන්නේ
මේ සිරියා හඳපානේ ...//
ලොව සැම තැන කිරි ඉතිරෙන්නේ
අති ශෝභමාන රාත්‍රී

සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්‍රී

ගුම් ගුම් නද දී වී රාශී
රොනටා එතී සුමිහීරී ..//

බඹරුන්ගේ ගී නාදේ
දෙසවන් මා පිනවන්නේ ...//
මේ සුන්දර වූ හඳපානේ
අති ශෝභමාන රාත්‍රී

සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැඟ එන්නා
අති ශෝභමාන රාත්‍රී ...//

ගායනය - ලතා වල්පොල
පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1955 දී තිරගත මාතලන් චිත්‍රපටියෙන්.
මෙහි අඩංගු ගායනය ලතා විසින් ගැයූ නව සංගීත සංකලනයෙන් වූවකි.

No comments: