සොම්නස් වුණා හදේ
අමරණීය ආදරේ ....//
සම්පත් ළඟා වේවි
නාමි ප්‍රේම සාගරේ ...//
සොම්නස් වුණා හදේ
අමරණීය ආදරේ
හිතේ දුකක් නැතේ මගේ
මේ සුන්දර ලෝකයේ
මේ සුන්දර ලෝකයේ ...//
මම ඔබ ළඟ තමා
සුබ දිනකින් පියේ ...//
නැළවෙමුකෝ
සැනසෙමු කෝ
නැළවෙමුකෝ
සැනසෙමු කෝ
මේ යෞවන කාලයේ
සොම්නස් වුණා හදේ
අමරණීය ආදරේ
ප්‍රේම කුසුම් පිපේ හදේ
ප්‍රීති ජීවිතේ මගේ
ප්‍රීති ජීවිතේ මගේ ...//
එහි පෙම් පැණි උරා
බොනු බමරා වගේ ...//
එනු එනුකෝ
පෙම් කුමරෝ
එනු එනුකෝ
පෙම් කුමරෝ
සුර සැප මා ළඟ තිබේ
සොම්නස් වුණා හදේ
අමරණීය ආදරේ
සම්පත් ළඟා වේවි
නාමි ප්‍රේම සාගරේ
සොම්නස් වුණා හදේ
අමරණීය ආදරේ
ගායනය - ලතා වල්පොල
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1957 දී තිරගතවූ "සිරියලතා" චිත්‍රපටියේ ගීයකි.
ගීයේ සිනමා රූප රාමු
No comments:
Post a Comment