Tuesday, September 13, 2016

බැරි බර හින්දයි

බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තණිය ව ඔබ මිණිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ

කොළින් කොළට අතු ඉති පල දැරුවත්
ගහ වැඩි පුර ගෙඩි බිම හෙලුවා
හිසෙත් හිතෙත් බර කොතරම් තිබුණත්
ඔබට එකයි කාගෙත් දරුවා

බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තණිය ව ඔබ මිණිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ

වැරහැලි ඇඳලා සැප නැත දැකලා
රුව දුටුවම හදවත ඇල් වෙයි
ඔබ බුදු වන්නේ ගහ කොළ යට නොව
ගිහිගෙයි ගින්දර ලිප මුල්ලේ

බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තණිය ව ඔබ මිණිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - වික්ටර් රත්නායක

No comments: