Sunday, September 25, 2016

වෙසක් ලබනවා

වෙසක් ලබනවා
තොරන් බඳිනවා
තැන තැන දන්සල් ඉදි වෙනවා
වෙස්සන්තර රජු
සිරිසඟබෝ රජු
ආයෙත් සිරිලක රජ වෙනවා

වෙසක් ගෙවෙනවා
තොරන් ලිහෙනවා
දන්සල් කාලය නිම වෙනවා
වෙස්සන්තර රජු
සිරිසඟබෝ රජු
ආයෙත් රජකම හැර යනවා

වෙසක් කාලෙටයි කාගෙත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා
නම්බු රැකීමයි
නිවන් දැකීමයි
එක මඟ යන්නේ කොහොමද මන්දා ...///

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - රෝහණ වීරසිංහ

No comments: