මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟපාතක වත් නෑ
මේ ඉර හඳ යට හමුවී
අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා
මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟපාතක වත් නෑ
මේ ඉර හඳ යට හමුවී
දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුළක් ඉතිරිවෙලා
මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය
සෙනේ වඩපු අය
ළඟපාතක වත් නෑ
මේ ඉර හඳ යට හමුවී
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - එම්.ආර්. චූලසිංහ
No comments:
Post a Comment