සුළං කෝඩයක මහා මේඝයක
සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත
හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුළේ
සිහිල දිය වැලක සුනිල් වන ගැබෙක තනිවී හිඳිමී
වසත් සිහිනයෙක මනෝ ධ්‍යානයෙක නිදහස දකිමී
නො එන් මා කරා
සමාධියෙන් මා මුදවා
මා නුරා මතින් පුරවා
අවාරයේ පිපි මල් කැකුළේ
සුළං කෝඩයක මහා මේඝයක
සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත
හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුළේ
වහල් දිවි මගෙන් නුවන් යුග සරින් හැමදා මිදෙමී
ගිමන් නිවාලන තපෝ වාසයක රැඳිලා හිඳිමී
දුහුල් සළු උනා
ධ්‍යානයෙන් මා මුදවා
මා සිතේ බවුන් බිඳදා
අවාරයේ පිපි මල් කැකුළේ
සුළං කෝඩයක මහා මේඝයක
සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත
හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුළේ
ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - ගීතනාත් කුඩලිගම
තනුව - වික්ටර් රත්නායක
චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.
No comments:
Post a Comment