Friday, September 30, 2016

ගමට කලින් හිරු


ගමට කළින් හිරු මුළුතැන්ගෙට වඩනා
 හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
 මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ

හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදින්නේ

වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා

මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
 හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
 මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද හා තනුව - සුනිල් දයානන්ද කෝනාර

No comments: