Wednesday, September 14, 2016

ලතා මඬුල්ලක් කතාකරනවා

ලතා මඬුල්ලක් කතාකරනවා
සෙවණට එන්න කියා
මේ මල් උද්‍යානේ
නවතිමු හැන්දෑවේ

වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා
බෑ නවතින්න කියා
මේ මල් උද්‍යානේ
වෙන්වෙමු රෑ බෝවේ

වෙන්වී යන්නේ රෑ තනි යානේ
තනිකම නොදැනේදෝ
ඒ තනි යානේ තනිය මකන්නේ
මතක සුවඳ නේදෝ

උදයේ හමුවී හවසට වෙන්වී
යළි හෙට හමුවේ දෝ
සදහට නැවතී ඉන්නට එන්නම්
දෙසිතක් නෑ නේදෝ

ලතා මඬුල්ලක් කතාකරනවා
සෙවණට එන්න කියා
මේ මල් උද්‍යානේ
නවතිමු හැන්දෑවේ

වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා
බෑ නවතින්න කියා
මේ මල් උද්‍යානේ
වෙන්වෙමු රෑ බෝවේ

රන් තරු යායේ සඳ පායන්නේ
අප දැකලා නේදෝ
ඒ හඳපානේ අප හමුවන්නේ
හෙට දිනයේ නේදෝ

කල් බලමින්නේ අතැ'ඟිලි ගැන්නේ
හමුවන තුරු නේදෝ
මුදු පළඳින්නේ මුතු කර ලන්නේ
නැකැත් බලා නේදෝ

ලතා මඬුල්ලක් කතාකරනවා
සෙවණට එන්න කියා
මේ මල් උද්‍යානේ
නවතිමු හැන්දෑවේ

වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා
බෑ නවතින්න කියා
මේ මල් උද්‍යානේ
වෙන්වෙමු රෑ බෝවේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ චන්ද්‍රාණි ගුණවර්ධන
පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව - සරත් දසනායක

No comments: