Wednesday, September 14, 2016

මා මළ දවසක

මා මළ දවසක සීතල මළ කඳ
ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන
දෙතොළින් දෙතොළට උණුසුම් පණ පිඹ
මේ පොළොවෙම මා යළි බිහි කළ මැන

මවුනි පොරන ඔබ රනවිරු දරුවන්
වැළැලුණු මේ මිණි දෙරණේ
ඔවුනගෙ සිරුරත ලේ මස් නහරිනි
මගෙ හදවත පණ ගැහුණේ

උපතින් දිවියෙන් මරණින් එක ලෙස
ඔබ ගෙන් මා ලද උරුමේ
මේ පස මත මා පා ගැටෙනා කල
දිවියෙහි බර මට නොදැනේ

මා මළ දවසක සීතල මළ කඳ
ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන
දෙතොලින් දෙතොලට උණුසුම් පණ පිඹ
මේ පොළොවෙම මා යළි බිහි කළ මැන

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - මහගම සේකර
තනුව - එඩ්වඩ් ජයකොඩි

No comments: