Tuesday, October 4, 2016

මලට හිරිහැරද



මලට හිරිහැරද මලේ මුදු මුවරද
විලට හිරිහැරද විලේ පිපි ඉඳුවර
රැයට හිරිහැරද රැයේ නැඟි පුර හඳ
නුඹට හිරිහැරද කියන් මගෙ සෙනෙහස

මල නැති දා මල් මුවරද කොයින්දෝ
විල නැති දා විල් ඉඳුවර කොයින්දෝ
රැය නැති දා රෑ පුර හඳ කොයින්දෝ
නුඹ නැති දා මට සතුටක් කොයින්දෝ

මලට හිරිහැරද මලේ මුදු මුවරද
විලට හිරිහැරද විලේ පිපි ඉඳුවර
රැයට හිරිහැරද රැයේ නැඟි පුර හඳ
නුඹට හිරිහැරද කියන් මගෙ සෙනෙහස

මලේ පැතුම මල් මුවරද නොවේදෝ
විලේ පැතුම විල් ඉඳුවර නොවේදෝ
රැයේ පැතුම රෑ පුර හඳ නොවේදෝ
මගේ පැතුම සුහදේ නුඹ නොවේදෝ

මලට හිරිහැරද මලේ මුදු මුවරද
විලට හිරිහැරද විලේ පිපි ඉඳුවර
රැයට හිරිහැරද රැයේ නැඟි පුර හඳ
නුඹට හිරිහැරද කියන් මගෙ සෙනෙහස

ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව
පද - ජගත් ගාමිණී මාවතගම
තනුව - සමන්ත පෙරේරා


No comments: