රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය ...//
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රන් මුතු වැල් පළඳින්න කියාපිය ..//
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය
රන් බඳුනක වළඳන්න කියාපිය
රන් කිරිකට ගා ගන්න කියාපිය ..//
රන් තිලකෙන් ඔපවෙන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය ...//
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රන් මුතු වැල් පළඳින්න කියාපිය ..//
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය
රන්වන් පැහැ අරගන්න කියාපිය
රන් ඇඳුමෙන් රඟදෙන්න කියාපිය ...//
රන් රසුදැල් පළඳින්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය ...//
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය
රන් මුතු වැල් පළඳින්න කියාපිය ..//
රාං කිරිල්ලියෙ රාං කිරිල්ලියෙ
රාං කුරුල්ලට එන්න කියාපිය ..///...
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
No comments:
Post a Comment