රජ වැඩකාරයෝ ..
රජ වැඩකාරයෝ අපි ඒ කාලයේ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ ...//
ආකාසේ රන් පාට තරු එල්ලුවේ
ආලෝකෙ පෙම් පහන හද දැල්ලුවේ ...//
හැමදාම නෑ අනේ
පින්සාර කාලේ
හිනැහෙන්න සැසෙන්න දියණියනේ //
රජ වැඩකාරයෝ අපි ඒ කාලයේ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ
සාගරයේ වැළි රැගෙන දිය මිරිකුවේ
සුළඟිල්ලකින් රුදුරු අලි පෙරලුවේ ...//
නෑ තාම ආවේ
පණ වාස කාලේ
හඬ දෙන්න නැළවෙන්න රඟමඬලේ //
රජ වැඩකාරයෝ අපි ඒ කාලයේ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ ...//
ලෝකේ බෝලේ අල්ලේ හෙල්ලූ හරි වීරයෝ ///
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
1974 දී තිරගත වූ "දුලීකා" චිත්‍රපටියෙන්
No comments:
Post a Comment