Wednesday, October 5, 2016

රජකම් කෙරුවත්

රජකම් කෙරුවත් කළකම් පල දේ
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ
මේ ඔබට වගේ දුක මට ද උනේ //
මේ වාරේ මගේ ගිය පාර උඹේ ///
රජකම් කෙරුවත් කළකම් පල දේ

බැරි වෙනවා
සවි බල යනවා
දුගියා අසරණයා වේ
මේ තැලෙන එකා
තව තලන යකා
නොතබමි ලෝකේ මා ඉන්න තුරා //

රජකම් කෙරුවත් කළකම් පල දේ
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ
මේ ඔබට වගේ දුක මට ද උනේ //
මේ වාරේ මගේ ගිය පාර උඹේ ///
රජකම් කෙරුවත් කළකම් පල දේ

සවි බලය නැතී
පිරිවර නොමැතී
රජිඳා සටනින් පැරදී
හොඳ හිත ලෝකේ ජය අභිෂේකේ
බල්ලොත් නොකනා මේ සල්ලි නොවේ //

රජකම් කෙරුවත් කළකම් පල දේ
ඇඟ ලේ රුහිරේ කාගෙත් වැගිරේ
මේ ඔබට වගේ දුක මට ද උනේ //
මේ වාරේ මගේ ගිය පාර උඹේ ///
රජකම් කෙරුවත් කළකම් පල දේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර ගේ හෝ නිහාල් ඒ. ජයසිංහ යන දෙදෙනාගෙන් කෙනෙකුගේය.
සංගීත අධ්‍යක්ෂණය - එම්.කේ. රොක්සාමි
"ඔහොම හොඳද" චිත්‍රපටියේ ගීයකි.

1965 දී තිරගත "එංග වීට්ටු පිල්ලෙයි"  (Enga Veettu Pillai) ද්‍රවිඪ චිත්‍රපටියට, ටී.එම්. සෞන්දරරාජා විසින් ගයන ලද "නාන් අනෙයි ඉත්තල්" .("Naan Anai Ittal") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

No comments: