Wednesday, October 5, 2016

රුවන් වලා විමානේ

රුවන් වලා විමානේ
සිරියහනාවෝ දුටුවාදෝ ...//

දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ ...//

රුවන් වලා විමානේ
සිරියහනාවෝ දුටුවාදෝ

මේ දෑත සීතල ඇයිදෝ
මට කොඳුරන්න පවසා ළඳේ

නෑ තාම උණුසුම කුමරෝ
යමු තනි වෙන්න මිටියාවතේ

ළං වෙන්න ළඟ ඉන්න කුමරී
විලවුන් විජිතේ මගේ වාසනා

රුවන් වලා විමානේ
සිරියහනාවෝ දුටුවාදෝ ...//

කඳුයාය අතරේ සුහදේ
පෙම් විහඟුන් පාරාදීසයේ

මධු චන්ද්‍ර ඇරයුම් ගයනා
අර ඇසුනාද මනමාලියේ
පවසන්න මට ළංව කොඳුරා
මා පෙර නෑසු පෙම් ගායනා

රුවන් වලා විමානේ
සිරියහනාවෝ දුටුවාදෝ ...//

දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ ...//

රුවන් වලා විමානේ
සිරියහනාවෝ දුටුවාදෝ

හ්ම් හ්ම්..  හ්ම් හ්ම්.. ම් ම්ම්...
ම් ම්ම් ම් ම්ම්...
ම් ම් ම්...

ගායනය - එච්.ආර්. ජෝතිපාල මග ලතා වල්පොල
පද - අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - සරත් ද අල්විස්
"අම්මේ ඔබ නිසා" චිත්‍රපටියෙන්.

No comments: