යෞවන වසන්තේ උදාවී
හද ලිය ගොමුවේ සිසිල දැනේවී ..//
බිහිවේ නව හැඟුමන් නව පැතුමන්
පෑදී මැවේ
ආ හහහා ඒ ආදරේ
යෞවන වසන්තේ උදාවී
මොහොතක් පාසා රස කැලතේවී ...//
සිහිවෙයි එකම රුවක් එකම මුවක්
ළං ළං වී
ඕ හො හො හෝ ඒ ආදරේ
සිහින් හඬින් සවන් යුග පිරේවී
සහන් පහන් සුවෙන් සිත බැඳේවී ...//
එවන් වෙලාවේ කෙනෙක් මුලාවේ
එවන් වෙලාවේ හැම කෙනෙක් මුලාවේ
ඔහු කවුදැයි අමතක වෙයි මන් මත්වෙලා
යෞවන වසන්තේ උදාවී
හද ලිය ගොමුවේ සිසිල දැනේවී ..//
බිහිවේ නව හැඟුමන් නව පැතුමන්
පෑදී මැවේ
ආ හහහා ඒ ආදරේ
යෞවන වසන්තේ උදාවී
මොහොතක් පාසා රස කැලතේවී ...//
සිහිවෙයි එකම රුවක් එකම මුවක්
ළං ළං වී
ඕ හො හො හෝ ඒ ආදරේ
රැල්ල වැල්ලෙ වෙලී හාදු දේවී
සල් ගසේ ද මල් වැලක් එතේවී ..//
එවන් ලතාවෙන් සුපෙම් කතාවෙන්
එවන් ලතාවෙන් පිය සුපෙම් කතාවෙන්
ඔබයි මමයි ඇදෙයි බැඳෙයි මල් හී වැදී
යෞවන වසන්තේ උදාවී
මොහොතක් පාසා රස කැලතේවී ...//
සිහිවෙයි එකම රුවක් එකම මුවක්
ළං ළං වී
ඕ හො හො හෝ ඒ ආදරේ
යෞවන වසන්තේ උදාවී
හද ලිය ගොමුවේ සිසිල දැනේවී ...//
බිහිවේ නව හැඟුමන් නව පැතුමන්
පෑදී මැවේ
ආ හහහා ඒ ආදරේ
ඕ හො හො හෝ ඒ ආදරේ
ආ හහහා ඒ ආදරේ ..///
ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සරත් දසනායක
1975 දී තිරගත "ආවා සොයා ආදරේ" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment