Thursday, October 6, 2016

ආලය කටත් පොදු දෙයකි

ලාල්ල ලල ලල ලාල්ල ලාල ලා

ආලය කටත් පොදු දෙයකි
මෙය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වයසෙහි සිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී

හෝ හොහොහ් හොහො හෝ ..

ආලය කටත් පොදු දෙයකි
මෙය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වයසෙහි සිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී

හෝ හොහොහ් හොහො හෝ ..

ජාතිය ආගම කුල බේදේ
සහ වස්තුවටත් - එය යන වේගේ ..//
ආලය හමුවේ පරාජයවේ
යස නීතිය මේකයි ප්‍රේම ලොවේ
හොහොහ් හොහෝ..

ආලය කටත් පොදු දෙයකි
එහි ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වයසෙහි සිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී

හෝ හොහොහ් හොහො හෝ ..

ආලය වීණාවක් වාගේ
මෙය තත් රස මවනා මුල්
 වාගේ ...//
වයනා කලටා සුමිහිරි වේ
මවනා ගතටා සුර සැප වාගේ
හොහොහ් හොහෝ..

ආලය කටත් පොදු දෙයකි
මෙය ප්‍රීති විනෝදය දෙන දෙයකී
යෞවන වයසෙහි සිනයකී
පෙම් ලොවේ සදහටම රජ කරතී

හෝ හොහොහ් හොහො හෝ ...

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
1970 දී තිරගත වූ සුමුදු භාර්යා චිත්‍රපටියේ ගීයකි.

No comments: