Wednesday, October 5, 2016

කන්දෙන් කන්දට

කන්දෙන් කන්දට
ලන්දෙන් ලන්දට
මල් මුවරද රස
විසිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

කන්දෙන් කන්දට
ලන්දෙන් ලන්දට
මල් මුවරද රස
විසිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

චන්දන මල් සිහිල උරා
කුන්ද සමන් පෙති අතුරා
චන්දන මල් සිහිල උරා
කුන්ද සමන් පෙති අතුරා

මන්දහාස මුව තවරා
සැනහී සැනහී
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

කන්දෙන් කන්දට
ලන්දෙන් ලන්දට
මල් මුවරද රස
විසිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

නිල් ගිරිකුළු මතින් ඇදී
ඇල් ගඟුලැල් තරඟ දිදී
නිල් ගිරිකුළු මතින් ඇදී
ඇල් ගඟුලැල් තරඟ දිදී
ගතට සිතට සුවය දිදී

කන්දෙන් කන්දට
ලන්දෙන් ලන්දට
මල් මුවරද රස
විසිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල
රොනට ඇදෙනවා

බමන බඹර කැල
රොනට ඇදෙනවා ...///..

ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග ශ්‍රීමතී තිලකරත්න
ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ
තනුව - ඩබ්ලිව්. ඩී. අමරදේව

1975 දී තිරගත "තරංගා" චිත්‍රපටියේ ගීයකි.

No comments: