Wednesday, October 5, 2016

ජරමර අස්සේ මං

ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං ...//

දෑතෙ නටාවිද රන් වළලු
දෑසෙ පිරේවිද උණු කඳුළු ...//
කවුද දන්නේ
උඹ දන්නවනම් කියාදියන් ළසඳෝ

ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං ...//

රෑට පෙනේවිද සුභ සිහිනේ
කාට ලැබේවිද ජයපානේ ...//
කවුද දන්නේ
උඹ දන්නවනම් කියාදියන් ළසඳෝ

ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං ...//

පාර වැසේවිද යන ගමනේ
මිහිර පිරේවිද මධු බඳුනේ ...//
කවුද දන්නේ
උඹ දන්නවනම් කියාදියන් ළසඳෝ

ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං ...//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
1974 දී තිරගත වූ "ළසඳා" සිනමා කෘතියෙන්

No comments: