Wednesday, October 5, 2016

ඉපදී ලොවේ


හා හාහාහා හාහාහා...//
සිනහා කඳුළු එනවා යනවා

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහා කඳුළු එනවා යනවා

භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වී
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවෝ අපි

භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මණ්ඬලේ

භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ

සිනහා කඳුළු එනවා යනවා

භවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ

සිනහා කඳුළු එනවා යනවා ...

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - හේමසිරි හල්පිට
තනුව - සරත් ද අල්විස්
"මමයි රජා" චිත්‍රපටියේ ගීයකි.

No comments: