Wednesday, October 5, 2016

හද සල් ගසේ

හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ

වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ

අහසේ වලාවෙන් දිනිඳා වැසේදෝ
ඔබෙ සෝ විලාපෙන් අඳුරේ ගිලේදෝ
අස්තීර මේ ලෝකේ ආලේද සිහිනයකී

ගංගා ජලේ ගලනා සයුරේ පාවේදෝ
හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ

එළඹී වසන්තේ කෙවිලී අඬයිදෝ
බඳිනා කැදැල්ලේ සුවසේ වෙසෙයිදෝ
අසමාන ආශාවෝ රෑ පේන සිහිනෙකී

සන්සුන් පැතුම් පතනා නුදුරේ ඉටුවේදෝ
වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
හින්දි ගී තනුවකති.
298 රත්තරන් අම්මා 1975 මාර්තු 21
1969 දී තිරගත "මහල්" (Mahal) චිත්‍රපටියට, කිෂෝර් කුමාර් සහ ආශා බෝස්ලේ විසින් ගයන ලද "ආකෝන් ආකෝන් මේ " ("Ankhon Ankhon Mein") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

No comments: