පැණි
වෑහෙන කතා
මතකද කී ගොතා
ඒ ගැන සිත සිතා
ඉන්නද කා පතා //
උපමාවක් නැගෙයි
ගැලපේවිද සැකයි
කිරි මුහුදයි හඳයි
පරදී සහතිකයි //
බැරිදේ බැහැ කියා
නොකියා කියනවා
කවුරුත් පණ ඇතී
ගැහැණුන් ගැන දනී
පිරිමින්ගේ හැටි තමා
බැරිවුනදා නැත සමා ...//
හිවලයි මිදි වාගේ
සිහියට නැගෙනවා ...//
තව හැඩ දාලා
උපමා ගේනවා
මිනිහා සූරයා
බැලුවම පේනවා
පැණි වෑහෙන කතා
මතකද කී ගොතා
ඒ ගැන සිත සිතා
ඉන්නද කා පතා //
උපමාවක් නැගෙයි
ගැලපේවිද සැකයි
කිරි මුහුදයි සඳයි
පරදී සහතිකයි //
උපමා කිය කියා
හිටියා ඇති මෙයා
මේ හැටි ඇයි පමා
යන්නද මා දමා
පෙර කාලේ හිටි අපේ
මුත්තන්ගේ කීමකී ...//
හිත ගිය තැන සෑදේ
නිර්වානේ ඉබේ ...//
හරි යන දීගේ
දැන් නේ පෑදුණේ
ඔව් අපි ජීවිතේ
ගෙන යමු හාමතේ
පැණි වෑහෙන කතා
මතකද කී ගොතා
ඒ ගැන හිත හිතා
ඉන්නද කා පතා
ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ පුෂ්පරාණී ආරියරත්න
පද - සරත් විමලවීර
තනුව - ආර්. මුත්තුසාමි
1960 දී තිරගත "නළඟන" චිත්‍රපටියේ ගීයකි.
Song - Peni Wehena Katha
Singers - Pushparani Ariyarathna & H.R. Jothipala
Lyricist - Sarath Wimalaweera
Composer - R. Muthusamy
Movie - Nalangana 1960
ඉහත වීඩියෝව Sujeewa's Music Page වෙතින් බව කරුණාවෙන් සලකන්න.
No comments:
Post a Comment