මන්දිර මණ්ඩප සිහසුන් අරණා
රාජ ඉසුරු බර නිරිඳුන් හමුවේ
පේළි ගැසී හිඳ ගැති හඬ නඟනා
ප්‍රශස්ති ගීයට නොබිඳින් මා තත
සිරි යහනෙන් බැස යළි වැදෙනා තුරු
දින චරියාවේ එකත් පස්ව හිඳ
සිත් සනහන්නට
තැවුල් නසන්නට
නොබිඳින් මා තත
මා සිත පෑරෙයි
රස මසවුල් මැද හිත් හිස් වී යයි
නෙත් අඩවන් වෙයි
නුරා බැලුම් දෙයි
දොඩමලු උවනන් දොඩනා ගීයට
තනුව තනන්නට
නොබිඳින් මා තත
දිළිඳු බවේ අසරණකම උරුමව
ලොව දුක් විඳිනා දනන් අභිමුවේ
සිත් සැනහී යන
ලෙන්ගතු රාවෙන්
වයණු මැනවි තත් සත්සර නංවා
වයණු මැනවි තත් සත්සර නංවා
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - උදය මානවසිංහ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments:
Post a Comment