Thursday, December 8, 2016

ගජමන් නෝනා

දුර ඈත වුවද දකිනා
ළඟ පාත නොවෙද සිටිනා
ඇලපාත මුදලි මං
මඳහාස නගන් ගජමන් නෝනා
මඳහාස නගන් ගජමන් නෝනා ...//

පුන්සඳ ලෙද කළුවර යහනේ
පුන් සිසිවත කඳුළින් තෙමුණේ...//
තහනම්ද සතුට ළඳුනේ
මේ දුකද සැපයි
නුඹෙ හිතට කැපයි
මඳහාස නගන් ගජමන් නෝනා

රන් රස සේ ගැලපෙන සේමා
දුන් රස කව් රස විඳ‍ බෝමා...//
නොබැදෙම්ද පෙමින් කෝමා
අමනාප කිමැයි
උදහාස කිමැයි
මඳහාස නගන් ගජමන් නෝනා

දුර ඈත වුවද දකිනා
ළඟ පාත නොවෙද සිටිනා
ඇලපාත මුදලි මං
මඳහාස නගන් ගජමන් නෝනා
මඳහාස නගන් ගජමන් නෝනා ////.

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: