මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රී දේවි නොවුනී
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි ...//
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ ..//
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප භවනේ
නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ ..//
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා ...//
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එ මෙත් පෙරුම් දම්
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ ..//
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප භවනේ
නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..//
හිමවතට ඇවිත් හීනෙන්
හිත සඳුන් තවරපන්නේ
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රී දේවි නොවුනී
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි ...//
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ
No comments:
Post a Comment