Thursday, December 8, 2016

මන්නාරම් බස් එක

මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ

සංහිඳ ළඟ දේවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑ පාන නිවෙයි ...//
නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
රෑ කළුවර පමණයි

වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි ...//
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
රෑ කළුවර නපුරුයි

මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සමුද්‍ර වෙත්තසිංහ
තනුව - සුනිල් දයානන්ද කෝනාර

No comments: