අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී ...//
වළාකුලේ දා බිඳු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා ...//
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිඳ
පිතු සෙනෙහේ කඳුළැලි සළනා
අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී
තුරු හිස මුදුනේ මල් පළඳා
කැකුළු මුවට ඵල වැල නෙලුවා ...//
ඒදඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා
අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - කුමාර ලියනගේ
තනුව - රෝහණ ධර්මකීර්ති
No comments:
Post a Comment