Tuesday, December 27, 2016

නිවන් තලාවට යන ගමනේ

නිවන් තලාවට යන ගමනේ
අරන්තලාවෙදි නතරවුණේ
පිපාසයට පැන් පොදක් ලබන්නද
කියන්න පොඩි හාමුදුරුවනේ ...//

ලෙයින් පිදූ බෝසත් ගුණ වරුණේ
පවන් රොදට මුසුවිය උඩු ගුවනේ ..//
අනාගතේ පස් මරුන් දිනන්නද
වජිරාසන මත බෝ සෙවණේ

නිවන් තලාවට යන ගමනේ
අරන්තලාවෙදි නතරවුණේ
පිපාසයට පැන් පොදක් ලබන්නද
කියන්න පොඩි හාමුදුරුවනේ

පෙළින් පෙළට රතුපුල් පැහැ පෙඟුණේ
කසුන් කුසුම් පොකුරක සිරි මැකුණේ ...//
වඩා බවුන් මෙත් වැසි වස්සන්නද
නිසංසලේ නෙත් යුග වැසුණේ

නිවන් තලාවට යන ගමනේ
අරන්තලාවෙදි නතරවුණේ
පිපාසයට පැන් පොදක් ලබන්නද
කියන්න පොඩි හාමුදුරුවනේ

ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - කලාකීර්ති පණ්ඩිත් විමල් අභයසුන්දර
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
මෙම ගීයේ ස්ථායි කොටස වෙනකෙකු අතින් ලියවී ඇති බවත්, ඔහු කවරෙකුද යන්න අඥාත බවත් පණ්ඩිත් විමල් අභයසුන්දර විසින් පවසා ඇත.
විමල් අභයසුන්දරයන් නම් ප්‍රකට කවියා 2008 ජූනි 12 වැනිදා මෙලොවින් සමුගත්තේය.

No comments: