Thursday, December 29, 2016

සීත පිණිබිඳු

සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළු මාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

සොයුරියන් ලොව වෙසෙන නුඹ වන්
සැතපෙනා මේ මැදියමේ ....//
නුඹට ඒ සුව
අහිමි වී ඇත
අඳුරු මහමග
උරුම වී ඇත

සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළු මාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

සොයුරියන් ඇති අයම නුඹවන්
නිසා මහමග උරුම වූ ...//
නුඹට ගරහන
රුදු ලොවක් මිස
හඳුනගන්නා හදවතක් වෙද

සීත පිණිබිඳු කඳුළු සළනා
මලානික තරු වැළපෙනා
පාළු මාවත තනිවෙලා
නැගණියේ නුඹ කා පතාදෝ
මඟ බලා ඉන්නේ

ගායනය -  විශාරද ගුණදාස කපුගේ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: