Tuesday, December 27, 2016

පසක් කොට ඇති

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව තරණය
කළේ අප මහ බෝසතා
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා

නිසල බෝ මැඩ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිතු
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
එවා ඇත රුදු මාර දෙව් පුතු

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව තරණය
කළේ අප මහ බෝසතා
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා

පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදුව ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවිණ
නසා තිලොවෙක අවිදු ඝණඳුරු

පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව තරණය
කළේ අප මහ බෝසතා
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සුනිල් සරත් පෙරේරා
විශාරද ගුණදාස කපුගේ

No comments: