Tuesday, December 27, 2016

රුවක් ඇදෙනවා

රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා

හද පොදි බැඳි දුක
දියකර පා කර
ඔබේ ලොවට මා ...
මොහොතින් එනවා


සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ


රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා

හද පොදි බැඳි දුක
දියකර පා කර
ඔබේ ලොවට මා ...
මොහොතින් එනවා


නැඟුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා
...//
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නඟලා


රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා

හද පොදි බැඳි දුක
දියකර පා කර
ඔබේ ලොවට මා ...
මොහොතින් එනවා


ගායනය - විශාරද ගුණදාස කපුගේ
කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
තනුව - විශාරද ගුණදාස කපුගේ

මේ ගීය පිළිබඳ විවිධ අදහස් මෑත කාලයේ පලවුණා.

එක් එක්කෙනාට එක එක විදියට යමක් පේන්න පුළුවන්. ඒත් කිසියම් කාරණයක් අවධාරණය කරන්න පැහැදිලි තර්ක හා ගෙනහැර දැක්වීම් අවශ්‍යයි.

මේ අඩවිය මා විශේෂාංග සඳහා වෙන් කොට නැහැ. ඒත් ගීය පිළිබඳ තොරතුරු වලට අදාල නිසා හා ඔබේ දැනගැනීම පිණිස කෙටි සටහනක් යොදන්න හිතුණා.

මහින්ද දිසානායක අතින් ලියවුණා ගීයක් මෙන්න මෙහෙම ....

මී විතෙන් ගිණිකන වැටුණු ඇස
කාගේ රුවදෝ ඇඳෙන්නේ
නිමේෂයකින් ඔබට සසැඳෙන
හිතවතෙකි ඔබ දකින්නේ

භද්‍ර යෞවන මලනුවෙනි ඔබ
කිමද මධුවිත සොයන්නේ
නුරා දාහය නැත නිවෙන්නේ
එයිනි දුක් ගිනි දළු දමන්නේ

ජීවිතය දියවී නොයා දී
වෙනින් ඔරුවක නැග යමන්නේ

මහින්දගෙ ඒ පද වැල,  ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර, දනසේන කඹුරුගමුව හා කරුණාරත්න දිවුල්ගනේ සහෘද කැල අතර එහෙ මෙහෙ පෙරළී සංවාද ගතවී නැවත සංස්කරණය වෙනවා “රුවක් ඇදෙනවා කවුදෝ එනවා” ලෙසින්.


මේ පිළිබඳ ව “අස්වැන්න” බ්ලොග් අඩවිය ලියන දයානන්ද රත්නායකයන්, ගීයේ රචක මහින්ද දිසානායක හා කළ සාකච්ඡාවකින් සැකසුණු ලිපියකට ඔබව යොමු කරවමි.
තවදුරටත් කියවන්න ඇවැසි නම්  වෛද්‍ය කපිල සූරියආරච්චි මහතා සංස්කරණය කළ, “සොඳුරු අඬහැරය” පොත කියවන්න.


චිත්‍රය අයිරින් ෂෙරී ශිල්පිණියගේ නිර්මාණයකි.
 Ruwak Edenawa - Gunadasa Kapuge & Karunarathna Divulgane

No comments: