හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන ...//
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන ...//
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
හා හහහ හා...
ගායනය - විශාරද ගුණදාස
කපුගේ
පද රචනය - දර්ශන මේදිස්
තනුව - විශාරද ගුණදාස
කපුගේ
දර්ශන මේදිස් විසින්
1992 දී රචිත “කඳුළු මිටියාවත” කෘතියේ එන පැදි වැලක් ඇසුරින් ගීය
සැකසිණ.
මෙම අඩවියේ ඇති කපුගේ
ගැයූ "සොඳුර නුඹ ලිහිණියක" ගීය ට පිවිසෙන්න. ඒ ගීයත්, මේ ගීයත් එකම
තනුවට යි නිර්මාණය වී ඇත්තේ.
Song - Sabanda Api Kandu Nowemu
Singer - Gunadasa Kapuge
Lyricist - Darshana Medis
Composer - Gunadasa Kapuge

No comments:
Post a Comment