Thursday, December 8, 2016

අජානේය ස්කුටර්

අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා ...//

සූ සැට ශිල්පය උගෙනා පාරගතව තියෙනා
පාරෙ වැඩට හවුල්වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හදනා හදේ සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි වුනත් සාධු මල් පිපියන් සැමදා

අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා ...//

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: