Thursday, December 8, 2016

චන්ද්‍ර කින්නර ජාතකේ

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
උඹ පෙම් බැඳන් මට ළංවුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් ඉඳ වෙන්වුණා

ගෙට එන්ඩ පෙර කළ කී කතා
උඩු ගම් බලා ගියෙදෝ මෙදා ....//
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
උඹ පෙම් බැඳන් මට ළංවුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් ඉඳ වෙන්වුණා

අතදරුවො ගෙන මහගිරිඳඹේ
තනිවම නගින්නද පෙම් කළේ ...//
කළු කාසියට හදවත් වැසේ
උඹ සොයනවද බරණැස් පුරේ

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
උඹ පෙම් බැඳන් මට ළංවුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් ඉඳ වෙන්වුණා

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පදරචනය - උබේනන්ද දිසානායක
තනුන - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: