Thursday, December 8, 2016

ගේ කිරිල්ලියේ

ගේ කිරිල්ලියේ නුඹ
කොයි ඉසව්වකද නොදැනේ
අපි අපට අහිමි සඳ
පැටවුන්ට නොවෙද රිදුනේ ...//
ගේ කිරිල්ලියේ

මහ රැයේ මගේ තුරුලට ගුලි වී
උන් නුඹයි සොයා හැඬුවේ සොඳුරී ...//
දං කිරි වෙනුවට මුළු රෑ ඇහැරි
මං මගේ කඳුළු පෙව්වා සොඳුරී

ගේ කිරිල්ලියේ

අප දෙමඟ ගියත් කුලගෙය ඇවිළී
පැටවුන්ට විසයි ඒ දුක සොඳුරී ...//
යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහී
උඹ උන්ට එකම අම්මා සොඳුරී

ගේ කිරිල්ලියේ නුඹ
කොයි ඉසව්වකද නොදැනේ
අපි අපට අහිමි සඳ
පැටවුන්ට නොවෙද රිදුනේ
ගේ කිරිල්ලියේ

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රවි සිරිවර්ධන
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: