Tuesday, January 31, 2017

විල් තෙරේදි හමුවෙලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ පැතුම් මලක් වෙලා
ඉන්නවා බලා

නීල නුවන් හමුවුණු දා
සිතක හැඟුම් පීදුනා
මගේ ලොවේ කඳුළු සිඳී
අප දෙදෙනා ළංවුණා

මට ආදරේ මුලින් එදා
ජීවිතේට තේරුණා ...//

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

සුවඳ කුසුම් පිපුණ මගේ
හද ඔබ හට පුදකළා
බලා ඉමී නිසංසලේ
යළි එනතුරු මඟ පගා

මගෙ ජීවිතේ ඔබයි සදා
ආදරේට තේරුණා ...//

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ සිතුම් සඳක් වෙලා
අන්න පායලා

විල් තෙරේදි හමුවෙලා
එදා ගියාට වෙන්වෙලා
මගේ පැතුම් මලක් වෙලා
ඉන්නවා බලා

හෝහෝ හො හෝහෝ හො හෝහෝ හොහෝ
හාහාහ හාහාහ හා...

හාහාහ හාහාහ හාහ හා...
හාහාහ හාහාහ හා...

ගායනය - ලතා වල්පොල සහ ක්‍රිස්ටෝපර් ලියනගේ
පද - සුනිල් යෝගේන්ද්‍ර
සංගීතය - නීල් වර්ණකුලසූරිය (සන් ෆ්ලවර්ස්)
2003 දී තිරගතවූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.

මන්දහාස බඳුනේ


මන්දහාස බඳුනේ
රිදී සිනා වෑහේ
නිරන්තරේ නිරන්තරේ වාගේ
රැන්දු රැන්දු ලවනේ
බිංදු බිංදු මිහිරේ
අමා සුවේ මගේ සිතුම් යාවේ

සන්තාපේ
සංවේගේ
දුර පාවී
ඇදුනාවේ

ඔබ හා මා
යයි පාවී
සැනසීමේ
ගංගාවේ

මල් යායේ සංගීතේ මල් ළංවෙලා
රොන් සිහිනේ අප දෙන්නා අත්වැල් වෙලා
සන්තානේ උන්මාද සිතුවම් මවා
අනුරාගේ ආරාධනා එයි ගලා
මා දෑසේ ඔබෙ දෑස ළංවේ සදා //

මන්දහාස බඳුනේ
රිදී සිනා වෑහේ
නිරන්තරේ නිරන්තරේ වාගේ
රැන්දු රැන්දු ලවනේ
බිංදු බිංදු මිහිරේ
අමා සුවේ මගේ සිතුම් යාවේ

සන්තාපේ
සංවේගේ
දුර පාවී
ඇදුනාවේ

ඔබ හා මා
යයි පාවී
සැනසීමේ
ගංගාවේ

සැන්දෑවේ දේදුන්න වාගේ ඔයා
පායන්න නැග එන්න ඉන්නම් බලා
කඳු යායේ මුදු සීත පවනක් වෙලා
ගිම්හානේ ළඟ ඉන්න මට ළංවෙලා
සුබ සිහින එළිවෙන්න ඉඩදී සදා //

මන්දහාස බඳුනේ
රිදී සිනා වෑහේ
නිරන්තරේ නිරන්තරේ වාගේ
රැන්දු රැන්දු ලවනේ
බිංදු බිංදු මිහිරේ
අමා සුවේ මගේ සිතුම් යාවේ

සන්තාපේ
සංවේගේ
දුර පාවී
ඇදුනාවේ

ඔබ හා මා
යයි පාවී
සැනසීමේ
ගංගාවේ

සන්තාපේ
සංවේගේ
දුර පාවී
ඇදුනාවේ

ඔබ හා මා
යයි පාවී
සැනසීමේ
ගංගාවේ

ලා ලා ලා
ලල ලා ලා
හ්ම් ම් ම්
ආ හා හා

ඒ හේ හේ
ඒ හේ හේ
හ්ම් ම් ම්
ආ හා හා

ගායනය - සංජීවනී වීරසිංහ සහ රන්ජන් රාමනායක
පද - සුනිල් යෝගේන් ද්‍ර
සංගීතය - නිල් වර්ණකුලසූරිය (සන් ෆ්ලවර්ස්)
2003 දී තිරගතවූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.

කොණ්ඩෙ කඩාගෙන


කොණ්ඩෙ කඩාගෙන
පවුඩර් නාගෙන
මොඩ් ගමනින් යන්නේ
ටයි මයි දාගෙන
ඩෙනිමක් ගහගෙන
ලව් එක මේ එන්නේ ...//

සොපියා ලොරෙන් වගේ
මස්කට් දොදොල් වගේ ...//

ඒ කාලේ මං කළ පව් හින්දයි
මගෙ පස්සෙන් එන්නේ ..//

පැණි බේරෙන කොමඩු ගෙඩිය ඩාලිං රෝසා
හැම් බේකන්මද ඔයාට කන්නට ආසා
What you like my summer sweety කැකිරි පලුව tell
I'll give you mango pickle පිට්ටු කෝලිකුට්‍ටු දෙල්
අයියෝ මගේ එන්සි නෝනේ
හින්දා මේ දුවලා උඹ පස්සේ
ඇදුනාවු වලි මාගේ අම්මෝ
දන්නේ ඒ උඩ ඉන්නා ඈයෝ

You are my crasy
චුට්ටක් jelousy ....//

ඉඳල හිටල ගෝරි දාලා යන්න නම් එපා
ගියොතින් එන්න නම් එපා

අපිට ජාති දාන කොල්ලො ඉන්නවා
ඒගොල්ලො අපිව රවටගන්න හදනවා
අපිට ජාති දාන කොල්ලො ඉන්නවා
ඒගොල්ලො අපිව රවටගන්න හදනවා
එන යන නේක කොල්ලො
එන යන හැම ......................
හිත් පිත් වහගෙන එනවා
අපි නෑ බයවෙන්නේ
අපි නෑ හිත දෙන්නේ
ඒගොල්ලො අප්සෙට් වෙනවා

පැලවෙන බොරු කිය කිය
අපිටම කණු තිය තිය
කෙල්ලන්ට බයිල කියනවා
බැරි තැන දුක කිය කිය
කවි සින්දු පොත් ලිය ලිය
අමුතුම මරිසි දානවා

උන්ට ඇහෙනවා ද කියන්න වෙනවා
ඔයගොල්ලො කෙල්ලො රවටගන්න හදනවා

ස්ත්‍රියද පිරිමියද වැඩිය සෝබන
මට ආසයි ඒක හොයන්න
ඔයාද මමද අවලස්සණ
කවුරු ළඟද හොඳ ගතිගුණ
මට ආසයි ඒක හොයන්න

ඕකත් මොන කතාවක්ද අහන්න
වහගෙන උනත් බැරිය කියන්න
ගෑණු තමයි හරි ලස්සණ
පිරිමි තමයි අවලස්සණ
හරිද පණේ මේ අහගන්න

ආ..
ඕකට ඇයි වලි පොලියට ලබන්නේ (ඒකනේ)
අපි මොකටද හිතට හොරා කරන්නේ
අද හවසට පාටි දාමු
සොමියට සොමි බයිල කියමු
එන්න පණේ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)

අනේ එන්න පණේ යන්න යමු අපී
එන්න පණේ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
අද හවසට පාටි දාමු
සොමියට සොමි බයිල කියමු
එන්න පණේ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)

එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
සොමියට සොමි බයිල කියමු
අද හවසට පාටි දාමු
එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)

එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
එන්න ඩලෝ යන්න යමු අපී (හහ් හහ් හහ් හා..)
අද හවසට පාටි දාමු (හහ් හා)
හැමදාමත් පිස්සු දාමු (හහ් හා)
එන්න ඩලෝ යන්න යමු අපී

ගායනය - සන්ෆ්ලවර්ස්
පද - සුනිල් යෝගේන්ද්‍ර
සංගීතය - සන්ෆ්ලවර්ස්
සුන්දරයි ආදරේ චිත්‍රපටියට යොදා ගත් සාද ගීයකි.

ගීතේ කඳු තීරයේ


ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ

ගීතේ කඳු තීරයේ
පාවී පවනේ රැඳේ
මාගෙ සිත ගිම් නිවී
ආයෙ පැතුමන් පිරේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහි‍නේ දෑසේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහි‍නේ දෑසේ

ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ

මායිම් නිමාවී සිතු සාගරේ
සෙනෙහේ පිරී යයි සපුරා සුවේ
පවනින් පවා එන සිසිලෙන් ප්‍රියේ
මට දැන් දැනෙන්නේ සුවඳයි ඔබේ

මායා ළතැවුල් වියෝගේ යයි පාවෙලා
දෑසේ හසරැල් සදාලයි ජීවේ පුරා
ආශා විමනේ
නිම් ඉම් සැදුනේ
ආයෙ මට පෑව ඔබෙ ආදරේ

ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවී පැතුසේ
සිහි‍නේ දෑසේ

නාවත් පුරා සෙවණැලි යා වෙලා
රැඟුමන් රඟාවී තුරු වැල් පවා
මධු චන්ද්‍ර යාමේ සඳු තාරකා
විලියෙන් බලාවී අපගේ දිහා
රාධා ක්‍රිෂ්ණා සොයා ආ මතකේ මවා
ආවේ ඔබ මා පතා මේ සසරේ පුරා

මා හා යාවී
සන්සුන් යාමේ
ආවේ සතපන්න ඒ ප්‍රාර්ථනා

ගීතේ කඳු තීරයේ
රාව නින්නාද වේ
මාගේ සුසුමන් සිඳී
ජීවේ සුවඳින් පිරේ

ගීතේ කඳු තීරයේ
පාවී පවනේ රැඳේ
මාගෙ සිත ගිනි නිවී
ආයෙ පැතුමන් පිරේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහි‍නේ දෑසේ

නීලාකාසේ
පෑයූ හිරු සේ
ඉටුවේ පැතුසේ
සිහි‍නේ දෑසේ

I love you
I love you
I love you
I love you

I love you
I love you
I love you
I love you

I love you
I love you
I love you
I love you

I love you
I love you
I love you
I love you

හා හා හා..
හ්ම් ම් ම් ම්ම් ...
හෝ ඕ ඕ ඕ....

ගායනය - නීල් වර්ණකුලසූරිය සහ චම්පා කල්හාරි
පද - හේමසිරි හල්පිට
සංගීතය - නීල් වර්ණකුලසූරිය (සන්ෆ්ලවර්ස්)
2003 දී තිරගතවූ සුන්දරයි ආදරේ චිත්‍රපටියේ ගීයකි.

ගයන්න ආවෙ නංගි මල්ලී


හොයි හොයි හොයි හොයි හොයි හොයි හොයි

ලල් ලල් ලා
ලාල ලාල ලා ....////

Come on I want to do the dance
I go and stay  you with the dance
Come on and dance
Come on and dance
Dance till the morning sun

ගයන්න ආවෙ නංගි මල්ලී
නටන්න එන්න පැද්දි පැද්දී
ගයා වයා නටා
අමා රසේ ලබා
ගෙවෙන්නෙ ජීවිතේ අපේ
අහන්න මේ විනෝද ගීතේ
                
ලල් ලල් ලා
ලාල ලාල ලා ....////

පාට පාට හීන ලෝකෙ පාවෙන්නේ
ආදරේ සොයාල නේද මේ යන්නේ
මී පැණී ගඟේ නොවේද පීනන්නේ
ඕන රාග තාල නේද මේ දෙන්නේ

රසේ පිරීතිරීලා වෑහීලා
ගලා ගලා ගියාලු පාවීලා
නොදන්න ඈයො මේක තේරීලා
හිමින්ම මාරු වේවි හැංගිලා

බලන්න කෝ අපේ
ගැයුම් වැයුම් වගේ
ඉමක් කොනක් නැතේ
අනන්ත සාගරේ වගේ

අහන්න මේ විනෝද ගීතේ
රැඳෙන්න සීන පාරාදීසේ
රිදී සිනා සලා
එමින් පියාඹලා
රඟන්න ගීත සාදයේ

ගයන්න ආවෙ නංගි මල්ලී
නටන්න එන්න පැද්දි පැද්දී
ගයා වයා නටා
අමා රසේ ලබා
ගෙවෙන්නෙ ජීවිතේ අපේ
අහන්න මේ විනෝද ගීතේ

දෑත දෑත මේ බැඳීලා පෑහෙන්නේ
මේ වගේ දිනක් නෙ ආයෙ නෑ එන්නේ
ශෝකතාප වේදනාව නෑ දන්නේ
ආදරේට ආදරේලු මේ දෙන්නේ

ගයන්න වේදිකාවෙ රඟපාලා
අහන්න සෑමදාම නැළවීලා
ඉඳින්න ජීවිතේම එක්වීලා
බැඳෙන්න වාද බේද හැරදාලා

කරන්න ආදරේ
නොවෙන්න කෑදරේ
තවත් කියුම් තිබේ
කියන්න ඕන ජාතියේ

ගයන්න ආවෙ නංගි මල්ලී
නටන්න එන්න පැද්දි පැද්දී
ගයා වයා නටා
අමා රසේ ලබා
ගෙවෙන්නෙ ජීවිතේ අපේ
අහන්න මේ විනෝද ගීතේ

ගායනය - සන්ෆ්ලවර්ස් (අතුල අධිකාරී, සුදත් නාවලගේ, අයිවෝ ද මෙල්, ක්‍රිස්ටෝපර් ලියනගේ සහ නීල් වර්ණකුලසූරිය
පද - හේමසිරි හල්පිට
සංගීතය - සන්ෆ්ලවර්ස්