Monday, January 9, 2017

කෝකිලයා කෙවිලිය හා


කෝකිලයා
කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
ඕ රන මොණරා
රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
.
ජීවන උයනේ
සීතල සෙවණේ
හෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
ජීවන උයනේ
සීතල සෙවණේ
රම්‍ය දර්ශනේ
රම්‍ය දර්ශනේ

ආදර ගඟුලේ
සෝබන ඉවුරේ
ගීත කූජනේ
ගීත කූජනේ

පරමාදරේ
පරමාදරේ අමා උල්පත ඇරුණා

කෝකිලයා
කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
ඕ රන මොණරා
රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ

හෝ.. ඕඕ ඕ ඕ ඕ..
හෝ.. ඕඕ ඕ ඕ ඕ..
ඕඕ ඕ ඕ.. ඕ ඕ... ඕ ඕ...

ආආආ ආ...
ආආආ ආ...
ආ ආආ ආ...
.
රන් කුසලානෙක පෙම්මදිරා ඉතිරී යනවා
රොන් පිරි කුසුමක් භෘංග නදින් පිබිදී එනවා
පරමාදරේ
පරමාදරේ රුවන් ආකර දිලුණා
.
කෝකිලයා
කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
ඕ රන මොණරා
රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ

ආ නීලවළා සඳු මුහුණ සිඹී
හෝ.. ඕ ඕ ඕ ඕ ඕ ඕ ....
ආ නීලවළා සඳු මුහුණ සිඹී
සිඹ සැනසේ
සිඹ සැනසේ

අර මාලගිරා
ජෝඩු ජෝඩු වෙලා
යති අහසේ
යති අහසේ

පරමාදරේ
පරමාදරේ කතාවට මුළ පිරුණා

කෝකිලයා
කෙවිලිය හා
නැළවෙන ප්‍රේම වසන්තය මේ
ඕ රන මොණරා
රන් මොණරිය හා
සැනසෙන ප්‍රේම වසන්තය මේ
.
.ආආආ ආඅආ ...
.ආආආ ආඅආ ...
.ආආආ .. අආ .. අආ ..

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ රුක්මණී දේවී
පද - කරුණාරත්න අබේසේකරයන් ගේ යැයි විශ්වාස කෙරේ. ?
හින්දි ගී තනුවකි.
මෙම ගීය 1987 දී එච්.ආර්. ජෝතිපාල සහ මායා දමයන්ති පෙරේරා නැවත ගයන ලදී. ඒ "නැව ගිලුණත් බෑන් චූන්" සිනමා කෘතිය වෙනුවෙනි. එහිදී සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබුවේ අර්නස්ට් සොයිසා විසිනි. "නැව ගිලුණත් බෑන් චූන්" තිරගත වන විට ජෝතිපාල නම් ඒ අසහාය ගායකයා අප අතරින් වියෝ වී ගොසිණි.

1959 දී තිරගත වූ "ස්කූල් මාස්ටර්" චිත්‍රපටයට තලාත් මෙහෙමුද් සමගින් ලතා මංගෙස්කාර් ගායනා කළ "ඕ දිල්දාර් බෝලෝ ඒක් බාර්" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. ඉහත රූප රාමු ඒ සිනමා ගීයෙනි.

No comments: