Wednesday, January 11, 2017

ඇසේ මධුර

ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ //
රම්‍ය සොබා ධර්මේ //
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //

රිදී කඳන් සේ ජල ධාරාවෝ
පෙනේ පෙනේ හැලි හැලි කඳු මුදුනේ ...//
භෘංගයෝ නද දිදී හැසිරෙතී //
සෝබන මල් ගොමුවේ //

ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //

හිඳ මේ ගංතීරේ මඳ වේලා //
පීනමු ඒ අම ගී දහරාවේ //
ඔබයි සාගරේ මමයි තරංගා //
ඒ මත සැනසෙන්නා //

ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //
තාරපතී අහසේ සුදිලේවී දීප්ති විහිදමිනේ //
රම්‍ය සොබා ධර්මේ //
ඇසේ මධුර ජීවනයේ ගීතා නාමු අමා දහරේ //

ගායනය - ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී
පද රචනය - ආනන්ද සමරකෝන්
තනුව - ආනන්ද සමරකෝන්

No comments: