Wednesday, January 11, 2017

පුංචි සුදා සුදුකැටියා

පුංචි සුදා සුදුකැටියා කොයිබද උදයේ
ඔහො ටිකකට නවතින්න සුදෝ මොනවද සැළියේ //

බීමට නම් බොහොම යසයි කිරි ඇත සැළියේ
ඔව් පණමෙට මේ සේරු එකයි නැත මිල වැඩියේ
නැත මිල වැඩියේ

කාසි නැතේ කාසි නැතේ හොඳ සුදු මැණිකේ
කරුණාකරලා කිරි පොඩියක් බොන්නට දෙන්නේ //

මැණිකෙ කියා මා රවටා බොන්නද සිතුවේ
ඔහො යන්න අනේ බොරු නොකියා නොකර කරදරේ
නොකර කරදරේ

ඉන්න ඉන්න අනෙ යන්න එපා අනෙ කිරි නැතිවට කම් නෑ
ගන්න ගන්න අත ඉවත ගන්න අත කරදර හොඳ නෑ නෑ
කරදර හොඳ නෑ නෑ

දෙන්න දෙන්න කිරි පොඩියක් දෙන්නකො බඩගිණි ඉවසුම් බෑ
කාසි නැතුව මම කොහොම දෙම්ද අහ ගුටි කන්නට නම් බෑ
ගුටි කන්නට නම් බෑ

එන්න එන්න කිරි බොන්න බොන්න අනෙ කාසී ඕනෑ නෑ
යන්න යන්න මට එපා ඔබේ කිරි බඩගිණි ඉවසන්නා
බඩගිණි ඉවසන්නා

ඇයිද ඇයිද අනෙ කෝප ඇයිද අනෙ බොන්න බොන්න හනිකේ
දෙන්න දෙන්න අහ එන්න එන්න බොමු පීනමු කිරි සයුරේ
පීනමු කිරි සයුරේ
දෙන්න දෙන්න අහ එන්න එන්න බොමු පීනමු කිරි සයුරේ
පීනමු කිරි සයුරේ
පීනමු කිරි සයුරේ
පීනමු කිරි සයුරේ

ගායනය - ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී

පද හා තනුව - ආනන්ද සමරකෝන්

No comments: