ධර්මාධිකරණයට
කැඳවීමි ස්වාමීනි මෑ
මැගේ
නම ලංකාය
ඉන්දියන්
සාගරේ වසන්නී
මුසාවෙන්
මුළාවී සිටින්නී
විමුක්තිය
නාමයෙන් හඬන්නී
මැගේ
නම ලංකාය
උපත
ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ
මල්වර
ව නාඹර ව බබලමින් සිටියාය මෑ
සල්ලාල
පාශයෙන් බොහෝ වර මිදුණාය මෑ
සිත
දුබල වූ දිනෙකවියවුලෙහි වැටුණාය මෑ
මැගේ
නම ලංකාය
කුමර්
බඹසර පුදා නෙක ගැහැට වින්දාය මෑ
සලෙළුනට
රැවටෙමින් සිය රුසිරු පිදුවාය මෑ
ඉසුරු
සඳහා ඔවුන් උගසට ද තැබුවාය මෑ
අසරණව
අද මෙසේ මහමඟට වැටුණාය මෑ
මැගේ
නම ලංකාය
ඉන්දියන්
සාගරේ වසන්නී
මුසාවෙන්
මුළාවී සිටින්නී
විමුක්තිය
නාමයෙන් හඬන්නී
මැගේ
නම ලංකාය
ගායනය
- විශාරද නන්දා මාලිනී
පද
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව
- සරත් දසනායක
No comments:
Post a Comment