Friday, January 13, 2017

නාමුකෝ කිමිදී


නාමුකෝ කිමිදී නැගනියේ
නාමුකෝ කිමිදී
ගිං ගඟේ සීතල ජලාසේ
නාමුකෝ කිමිදී නැගනියේ
නාමුකෝ කිමිදී

ආකාසේ නිල් පාටින් සුදිළෙයි
ඒ නිල් ජලේ කැවී කදිමයි

පීන යං කරමින ජල ක්‍රීඩා //
ඉන් ගත සනසයි නිවයි විඩා //

නාමුකෝ කිමිදී නැගනියේ
නාමුකෝ කිමිදී

හිනිදුම කන්දයි ඈත පෙනෙන්නේ
නිලට නිලේ දාගැබ වැන්නේ
එහි සිටදෝ මේ ගඟ එන්නේ
ඒකද මේ ජලේ නිල් වුණේ //

ගිං ගඟේ සීතල ජලාසේ
නාමුකෝ කිමිදී නැගනියේ
නාමුකෝ කිමිදී

හා හා ගැඹුරට නොයන් සුදූ
දිය වැලකට ඔබ අසුවෙයි නේ ...//

ගසා ගියොත් මා සැඩ පහරේ //
බේර ගෙන එමි නිමේෂයේ //

නාමුකෝ කිමිදී
නැගනියේ
නාමුකෝ කිමිදී ...//

ගායනය - ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා
පද හා තනුව - ආනන්ද සමරකෝන්

No comments: