Sunday, January 29, 2017

ආයම්මා කොතැන ගියා

ආයම්මා කොතැන ගියා
ආයම්මා කොතැන ගියා

බේබි අරන් ටවුන් ගියා
මා පස්සෙන් අප්පු ගියා

අප්පු එතැන මොකට ගියා
අප්පු එතැන මොකට ගියා

මා පස්සෙන් නිකං ගියා
මමත් හිනා වෙවී ගියා

ආයා උඹෙ කපටි කතා
ආයා උඹෙ කපටි කතා

නෑ නෝන ඇත්ත කතා
මගෙ නම් නෑ කපටි කතා

අප්පු එක්ක මොකද කතා
අප්පු එක්ක මොකද කතා

අප්පුගෙ නෑ නරක කතා
කීවෙ නිකං විහිළු කතා

ඒයි අප්පො මෙහාට වරෙන්
ඒයි අප්පො මෙහාට වරෙන්

එනව නෝන
බොහොම සැරෙන්
කතා කළේ ඇයි තරහින්

අප්පු මොකද බයෙන් බයෙන්
අප්පු මොකද බයෙන් බයෙන්

මෙයයි මමයි රවුම් ගිහිං
නරක කතා කවුද කියයි

වහපිය කට බොල කල්ලී
වහපිය කට බොල කල්ලී

ඕ.. වට්ස් ද මැට(ර්) මයි ඩාලිං
ආයට බැන්නේ ඩාලිං

දැන්ම දොරට බැහැ කල්ලී
දැන්ම දොරට බැහැ කල්ලී

එපා නෝන බොරු කෑලී
යන්න දෙන්න පඩි සල්ලී

ආයා පොඩ්ඩක් ඉවසාපන්
ආයා පොඩ්ඩක් ඉවසාපන්

මුන් දෙන්නා රවුම් ගිහිං
පාක් එකේ බොහොම නැටුම්

ආයා නෑ එහෙම නැටුම්
ආයා නෑ එහෙම නැටුම්

මා ගැන බොහො කලක පටන්
දන්නෙ මහත්තයයි හොඳින්

එපා ආය ගමට යන්න
එපා ආය ගමට යන්න

ආයා මෙතන ඉන්දගන්න
කරුණු මොකද මට කියන්න

අන්න ඒක හිතට ගන්න
අන්න ඒක හිතට ගන්න

ඔහොම තව සයිස් වෙන්න
මොකද කතා අප්පු උඹට

නෑ සර් මම කිව්වෙ නිකං
නෑ සර් මම කිව්වෙ නිකං

බේබි අරන් රවුම් ගිහිං
බේබි තියල ගහක් යටින්
මේකි කරල අඟර නැටුම්
මේකි කරල අඟර නැටුම්
ඇඟේ පහරලා කපුටන්
කැත කළා බේබිගේ ඇඳුම්

නෝන මට ගමට යන්න
නෝන මට ගමට යන්න

එපා අප්පු ගමට යන්න
බැහැ මේකිව ඉන්දගන්න

කවුද බේබි බලාගන්නෙ
කවුද බේබි බලාගන්නෙ

මට පුළුවන් බලාගන්න
ටෝයිස් මුකුත් ගෙනත් දෙන්න

එපා කෝප මයි ඩාලිං
එපා කෝප මයි ඩාලිං

මීට පස්සෙ ආය හොඳින්
ඉන්න බවට මම රෙකමන්ඩ්

මට හරි නෑ ඔය කෝලං
මට හරි නෑ ඔය කෝලං

ආයා උඹ මගෙ ඔවදන්
අහල ඉඳින් හොඳින් ඉඳින්

ආයා උඹ හිතට ගනින්
ආයා උඹ හිතට ගනින්
මීට පස්සෙ ඔහොම රවුම්
අප්පු එක්ක එපා නැටුම්

ඔව් ආයා හොඳින් ඉඳින්
ඔව් ආයා හොඳින් ඉඳින්

මහත්මයා කියනවනම්
ගමට නොගොස් නවතින්නම්

ආයා උඹ ඉන්වනම්
ආයා උඹ ඉන්වනම්
අප්පු එක්ක තරහ වෙයන්
හිනා නොවී කට කොනකින්

නෝන හිනා යනව නිකං
නෝන හිනා යනව නිකං

අයියෝ ඕව මගෙ ඩාලිං
ඒකිගෙ ඔය බොරු විගඩම්

මේව දැකලා බෑ හිනාව
මේව දැකලා බෑ හිනාව

කෝලාහල බංගලාවෙ
නරක නිසයි එපා කිව්වෙ

අප්පුත් ඔහෙ උන්නාවේ
අප්පුත් ඔහෙ උන්නාවේ


ආයත් ඔහෙ උන්නාවේ
බැන්නේ අපි ඇන්නෑවේ

ගායනය - ක්ලෝඩ් ද සොයිසා, ඇන්ජලින් ගුණතිලක සහ මැණික් චන්ද්‍රිකා
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - සරත් දසනායක

1982 දී තිරගතවූ තණගිරවි චිත්‍රපටියේ ගීයකි.

No comments: