කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා ....//
මේ වාගේ දේ ලෝකේ නංවන්නේ සිනා නේද
මේ කාලේ කොයි කවුරුත් වාසි පතා ඉන්නේ
කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා
මීයන් අල්ලා පූසා රැකෙන්නේ
පූසට සෙල්ලං
මීයට ලෙල්ලං ...//
කූනිස්සන් කයි මාළූ //
රජ ඉත්තාගෙන් පුංචා බ්ලාස් වෙලා කැපෙන්නේ //
කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා
මේ වාගේ දේ ලෝකේ නංවන්නේ සිනා නේද
මේ කාලේ කොයි කවුරුත් වාසි පතා ඉන්නේ
කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා
වලිගේ හොල්ලයි අපගේ බල්ලා
උගෙ ඒ ඇල්මයි වලිගෙ කියන්නේ ...//
ඒ වාගේ නෑ මිනිසා //
තිරිසන් වූ සත්තුන්ගේ නැද්ද ගුණේ දන්නේ //
කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා ....//
මේ වාගේ දේ ලෝකේ නංවන්නේ සිනා නේද
මේ කාලේ කොයි කවුරුත් වාසි පතා ඉන්නේ
කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා
ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද - ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව - සරත් දසනායක
1980 දී
තිරගතවූ ටක් ටික් ටුක් චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment