Wednesday, February 8, 2017

නීල විල් කුසේ

නීල විල් කුසේ පිපුණු උපුල සේ
මගේ පුතා සුවසේ සැතපේ

ඉණට හවඩි නැතුව ගියා
උන්නි සිතේ දුක නොකියා
ඉටු දෙවියෙකු පැමිණි නියා
ගෙට ගොඩ විය පුතුගෙ පියා
තෙරුවන් සරණයි
දෙවි රැකවරණයි

නීල විල් කුසේ පිපුණු උපුල සේ
මගේ පුතා සුවසේ සැතපේ ....//

ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....
ම් ම්ම් ම් ම්....

ගායනය - විශාරද නන්දා මාලිනී
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සරත් බාලසූරිය

1980 දී තිරගතවූ ජෝඩු වළලු චිත්‍රපටියේ ගීයකි.

No comments: