Thursday, February 9, 2017

ආවෙ නෑ ආවෙ නෑ

මේ කවුරුත් දන්නා කොළඹ හතේ පටු පාරක
දැන් කසු කසුවක් පැතිරී ගොස් පුදුමෙන් පුදුමෙක
කඳුළු හළනවා අනාථ වී කෙල්ලක් එක
ඒ කතාව මේකයි මතක හිටින හැම දවසක

ආවෙ නෑ ඈ ආයේ (ගියා ගියා ගියා උන්නෑ..)
ආවෙ නෑ ඈ ආයේ
මේ ගැස්සෙන පැද්දෙන ලස්සණ කෙල්ලකි ඈ නම්
ආවෙ නෑ ආවෙ නෑ ආවෙ නෑ ඈ ආයේ

ආව අමුත්තෙක් දවසක්දා මේ ටවුමට
දුටුව එ පියකරු අඟනක් එන ලැසි ගමනට
එහි සිටි කාගෙත් ඇස් ඇදුනේ නම් එතැනට
පුදුම කතාවක් ඇසුණා එතැනදි ඔහු හට

ආවෙ නෑ ඈ ආයේ
ආවෙ නෑ ඈ ආයේ
මේ ගැස්සෙන පැද්දෙන ලස්සණ කෙල්ලකි ඈ නම් (ගියා ගියා ේෞ් ...)
ආවෙ නෑ ආවෙ නෑ ආවෙ නෑ ඈ ආයේ

ගියා ඊට පසු ඈ එක්කල ඔහු යන්නට
ලැබුණා හොඳටම ඈ හා විනෝද වන්නට
වෙන්වෙද්දී ඔහුටෑ කී දේ දැන් මතකේ ඇත
ඔබ යනවද අත්හැරදා අද රෑ කොළඹ හත

ආවෙ නෑ ඈ ආයේ (ගියා ගියා විලාේෞ් ර්ර්ර්..)
ආවෙ නෑ ඈ ආයේ
මේ ගැස්සෙන පැද්දෙන ලස්සණ කෙල්ලකි ඈ නම් (ගියා ගියා විලාේෞ් ර්ර්ර්..)
ආවෙ නෑ ආවෙ නෑ ආවෙ නෑ ඈ ආයේ

මේ කවුරුත් දන්නා කොළඹ හතේ පටු පාරේ
පරිස්සමින් යා යුතුයි යතොත් හැම වාරේ
අහන්න හොඳහැටි පවසන දේ මං ඔබ හට
හහ් හහ් හා හා
මේ ආව අමුත්තා දවසක් දා ‍හෝ ටවුමට

ආවෙ නෑ ඈ ආයේ (ගියා ගියා ේෞ් ර්ර්ර්..)
ආවෙ නෑ ඈ ආයේ
මේ ගැස්සෙන පැද්දෙන ලස්සණ කෙල්ලකි ඈ නම්
ආවෙ නෑ ආවෙ නෑ ආවෙ නෑ ඈ ආයේ
ආවෙ නෑ ආවෙ නෑ ආවෙ නෑ ඈ ආයේ
ආවෙ නෑ ආවෙ නෑ ආවෙ නෑ ඈ ආයේ
ආවෙ නෑ ආවෙ නෑ ආවෙ නෑ ඈ ආයේ

ගායනය - කිංග්සි පෙරේරා
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි

1966 දී තිරගතවූ සැඟවෙන සෙවණැල්ල චිත්‍රපටියේ ගීයකි.

No comments: