Thursday, February 9, 2017

ආලයකරලා වෙනව පරාදේ

ආලයකරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

ආලයකරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

මල් පිපිලා මෙනි රූබර කෙල්ලෝ //
පිරිමින් ඒ දැක වෙයි මීමැස්සෝ

ආලයකරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

ආදරයෙන් මත්වූ දේවියක් ම ආව
නෑ නෑ නෑ නෑ නෑ
ලස්සණ රජ කුමරුන් දැක බැහැ කීවාද
නෑ නෑ නෑ නෑ.....

ආදරයෙන් මත්වූ දේවියක් ම ආව
නෑ නෑ නෑ නෑ නෑ
ලස්සණ රජ කුමරුන් දැක බැහැ කීවාද
නෑ නෑ නෑ නෑ.....

ගණ දෙවියි හිරු දෙවියි පණිවුඩ ඇරලා
දෙන්න කියා කුමරුන් හට දේවිය සොයලා

ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලා ලා

ආලයකරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

තිසරු ජෝඩු පුන් පියයුරු හැඩ පුළුලුකුළූ
ඇත්තයි ඇත්තයි ඇත්තයි
ළෙලවා සොලවා කොක් හඬ දී කර මුකුලු
ඇත්තයි ඇත්තයි ...
මොනරියෝ කොමලියෝ පැද්දෙන පෙරළී
ලුහුබැඳ එයි තරුණ ගැටව් ඇඹරී ඇඹරී

ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලා ලා

ආලයකරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

අඟර දඟර ලලිත ගමන කොමල සිනාව
හා හා හා හා හා
අදර වඩන සිත් නළවන මිහිරි කතාව
හා හා හා හා ....
දැක අපේ තරුණයෝ එනව රහ වැටී
ඉන්න ඕනැ බේරී ඒ අයට නොරැවටී

ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලල ලා
ලල ලලල ලලා ලා

ආලයකරලා වෙනව පරාදේ
ආස හිතීලා වෙයි අපරාදේ

ගායනය - සුජාතා අත්තනායක සහ පිරිස (එවකට සුජාතා පෙරේරා)
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
1966 දී තිරගතවූ සැඟවෙන සෙවණැල්ල චිත්‍රපටියේ ගීයකි.

(සුජාතා සහ රංජිනී ගයන පද)(සුජාතා ගේ නැගනිය රංජිනී, පිරිසේ ඇතුළත් වූවාය)

No comments: