Thursday, February 9, 2017

හෙලෝ හෙලෝ හිතවතා

හෙලෝ හෙලෝ හිතවතා
විනෝද වන්නට මී බීලා එනවද
හෙලෝ හෙලෝ හිතවතා
විනෝද වන්නට මී බීලා එනවද
හෙලෝ හෙලෝ රසවතා
වෙලී ගීයේ රඟ රාගෙන් මේ බලන්ඩකෝ
ආසාවෙන් ඇයි පොපියන්නේ
සැප විඳගන්න දිවී ...//

හෙලෝ හෙලෝ රසවතා
ළඟින් තියාගෙන හාදු දෙමී එනවද ...//
හෙලෝ හෙලෝ රසවතා
විඳින්නකෝ සැප මාගෙන් මේ බලන්ඩකෝ
රූපේ මාගේ ඔබටයි නේ
රඟ රස ඉන්න බිබී

හෙලෝ හෙලෝ පෙම්වතා
දෙතොල් රසෙන් ඔබ මත් කරමී එනවද ...//
හෙලෝ හෙලෝ රසවතා
නටාවි පියයුරු රාගෙන් මේ බලන්ඩකෝ
දෑසේ මූණේ රූපෙන් රාගේ රස සොයනූ

ගායනය - මායා සිත්තම්පලම්
පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි
1966 දී තිරගතවූ සැඟවෙන සෙවණැල්ල චිත්‍රපටියේ ගීයකි.

No comments: