Monday, December 31, 2018

ගොම රිටි ගිලී

 



ගොම රිටි ගිලී තිරුවානා උඩ එනවා
හරි ජරමරේ හොඳ නරකත් පැටලෙනවා
දවසින් දවස අරුමෝසම් ගොඩ වෙනවා
ගම්මානෙටත් මොනවද වේගෙන එනවා

සිල් ගන්නා විනා රකිනා කෙනෙක් නැතී
බණ දෙසනා විනා අසනා කෙනෙක් නැතී
නැතිවෙන්නා විනා ගන්නා කෙනෙක් නැතී
ගුටි කන්නා විනා ගසනා කෙනෙක් නැතී

මව් තුරුළේ තියා දරුවන්ට සැප සොයා
පිරිමහ ගනු කියා අප්පා වැඩට ගියා
තව මදි මදි කියා පෝසත් වෙන්ට කියා
අම්මා රට ගියා පවුලම නොමඟ ගියා

ඉස්සර නම් හැංගි හැංගී තනි යාමේ
දැන් එළිපිටම නරි නාටක ගජරාමේ
පද කස්තිරම් තව ඇත නටතොත් මාමේ
හොඳ හොඳ නැටුම් බලතැකි එළිවෙන ජාමේ

ගායනය - ‍රෝහණ බැද්ද‍ගේ
පද රචනය - ‍රෝහණ බැද්ද‍ගේ
ජන ගායනා (සීපද) නාද රටා ඇසුරින්, සංගීත අදියුරු - රෝහණ බැද්ද‍ගේ 
සිත්තම - ෝතමී විහාෝර්ජ් කීට් ශිල්පියා කළ සිතුවම් අතරින් 

No comments: