විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ
හිරු අවාමලු ඔබ පිබිදෙන්නේ
විල හින්දාමලු ජීවත් වන්නේ
බිඟුටලු මධු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහෙ පුදන්නේ
හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ
හිරු ළඟ අහසේ රුවට සිටීයන්
විල් දිය තුළ සැඟවී සැනහීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට
නෙළුමේ නුඹ හසුවන්න එපා
හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ
ගායනය - නීලා වික්රමසිංහ
පද - දයා ද අල්විස්
තනුව - රෝහණ වීරසිංහ
No comments:
Post a Comment