Saturday, December 29, 2018

කඳුළු අතරට




කඳුළු අතරට සිනා රැලි වෙමි
විඩාවට සෙවණක් වෙමි
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී ...//

සුවඳ සුදු මල් සිනාසෙද්දී
කවුළු දොර ළඟ අතු කොනේ
ඒ මැදින් මම හොරෙන් අතුරමි
හදවතේ බැති බර සෙනේ

සැඳෑවක ඔබ සඳැල්ලට වී තනිව ලතවෙන වෙලාවේ
ගීයකට රස පද එවන්නම් සඟවලා රන් වලාවේ

බුදුන් පාමුල වැඳ වැටෙද්දී
බැතින් බරවී සැනහිලා
සුවඳ දුම් මැද පිදූ මල් මැද
පැතුම් පුරවමි හිනැහිලා

යහනකට වී අඳුර ඉවසා රැය ගෙවී යද්දී ඉබේ
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි කවුළුවෙන් කුටියට ඔබේ

කඳුළු අතරට සිනා රැලි වෙමි
විඩාවට සෙවණක් වෙමි
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී //

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - දයා ද අල්විස්
තනුව - ජේ.ඒ. මිල්ටන් පෙරේරා

 ේ දයා රචනා කළ පළමු ගීය. ඈ තුළ ගී උල්පතක් තිබුණා. ඒ උල්පත මතු කරලා ගී ලියන්න දයා අක්කව පෙළඹෙව්වෙ මිල්ටන් පෙේරා.

No comments: